අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදු කර තිබේ.

වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පැවසීය.

මේ වන විට අනාවරණය වී ඇති කරුණු අනුව අපරාධ කල්ලි පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිපළයක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සැක කරයි.

එමෙන්ම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ තැනැත්තාද අපරාධ කල්ලි සාමාජිකයින් සමග සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවටත් තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධව සිදුකළ විමර්ශනයට අදාළව වෙඩි තැබීමට සම්බන්ධ යතුරුපැදිය පොලීසිය විසින් මේ වන විට සොයාගෙන තිබේ.

අම්බලන්ගොඩ කුරුඳුවත්ත, ආදාදොළ මාර්ගයේදී මෙම යතුරුපැදිය දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *