ආපදා තත්ත්වය මත අත්හිටුවන ලද උසස් පෙළ අද සිට

ආපදා තත්ත්වය මත අත්හිටුවන ලද උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් අද (12 වැනිදා) සිට පැවැත්වේ.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සහ පෙනී සිටීමට නියමිත සිසුන් අට දෙනෙක් ආපදාවලට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබේ.

අද සිට පැවැත්වෙන විෂයයන් සඳහා අයැදුම්කරුවන් දෙලක්ෂයකට අධික පිරිසක් පෙනී සිටීමට නියමිත අතර විභාගය අවසන් කෙරෙන්නේ මෙම මස 20 වැනිදා ය. ගණිත හා විද්‍යා අංශවලට අදාළ විෂයයන් පවත්වා අවසන් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *