ඉන්දුනීසියාවේ බිහිසුණු අනතුරක් -16ක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ප්‍රදේශයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 16දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බස් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව පෙරළීයාමෙන් අනතුරු සිදුව ඇති බව සඳහන් වේ.

අනතුරින් පුද්ගලයින් 06දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් 10දෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *