කළුබෝවිල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙහිවලදී ගිණි අවි සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනී

කොහුවල යුධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව කළුබෝවිල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව නො 48/12 විමලසාර පාර, කළුබෝවිල , දෙහිවල යන ලිපිනයේ පිහිටි නිවසක් පරික්ෂා කිරිමේදී ගිණි අවි සහ මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස සඟවා තිබියදී අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් ගිනි අවි සහ මත්ද්‍රව්‍යවල විස්තර.

වර්ගය :- කානු දෙක සහිත බෝර 12 වර්ගයේ පතුරම් යෙදිය හැකි විදේශ රටක නිශ්පාදිත ගිණි අවි 01

වර්ගය :- ලංකාවේ නිශ්පාදිත 9MM වර්ගයේ පතුරම් යෙදිය පිස්තෝල වර්ගයේ ගිනි අවි 01

ටී 56 පතුරම් :- 05
9 MM වර්ගයේ පතුරම් :- 10
හෙරොයින් :- ග්‍රෑම් 255
විද්‍යුත් තරාදී :- 02
මත්ද්‍රව්‍ය ඇසරුමට යොදා ගන්නා කඩදාසි කැබලි :-8000

දැනට විදේශ රටක සැගව සිට පාතාලය හා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ලබන චුවා සමන්ත සහා කළුබෝවිල අවිශ්ක යන අය සිදු කරමින් යන ඝාතන රැල්ලේ ඉදිරියේදී යම්කිසි පුද්ගල ඝාතනයක් සිදුකිරීම සඳහා මෙය සඟවාගෙන සිට ඇති බවට අනාවරණය විය.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *