පෙතියාගොඩ සංඛගේ ගෝලයෙක් කුඩු සමඟ පොලිස් දැලේ

මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රේණුක ගමගේ මහතාට ලද තොරතුරක් මත ඊයේ දිනයේ දී මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම සදහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්තඩංගුවට ගැනීමට මුල්ලේරියාව පොලිස් නිළධාරීන් සමත්ව තිබේ.


මෙලෙස අත්තඩංගුවට ගත් එක් සැකකරුවෙකු වන්නේ නිශ්ශංක නොහොත් බුත්ගමුවේ නිශ්ශංක නමැත්තායි. අත්තඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20050 ක් ද පොලිස් භාරයට ගෙන ඇත. මෙම සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන දැනට ඩුබායිහි සැගව සිටින සහ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින සැකකරුවෙකු වන පෙතියාගොඩ සංකගේ ගෝලයෙක් බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වි තිබේ. නමුත් ඔහු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත.

දැනට සිරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයකු වන බැස්ටියන් දර්ශන ප්‍රසාද් නමැත්තා සන්තකයේ තිබී ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලිග්‍රෑම් 34350 කි.


මෙම සැකකරුවන් අද දින (12) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ දින හතක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. වැඩිදුර විමර්ශන මුල්ලේරියාව පොලිසිය මගින් සිදුකරනු ලබයි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *