හම්බන්තොට 12 වන පාබල සේනා මුලස්ථානයේදි යුද හමුදා සෙබළකුට වෙඩි වැදිමෙන් බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට අද සවස ඇතුළත් කළ බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ රඹුක්කන වල්කෝටුවත්ත පදිංචි සෙබලෙකි.
ඊයේ (290 සවස මොහු මෙම හමුදා මුලස්ථානයේ සේනාංකාධිපතිවරයාගේ නිල නිවසේ රාජකාරියේ යෙදි සිටියදි ඔහුට නිකුත්කර තිබු ටී 56 ගිණි අවියෙන් වෙඩි වැදි බරපතල තුවාල ලබා සිටියදි රෝහල් ගතකර ඇත.
ඔහුගේ බෙල්ලට වෙඩි වැදි ඇති අතර මෙය අත් වැරදිමක්ද නැතහොත් වෙඩි තබා ගැනිමක්ද යන්න මෙතෙක් අනාවරණයවි නොමැති බව පොලිසිය පවසයි.





