කොස්ගම වෙඩි තැබීමේ සිද්ධීයේ සැකකරුවන්, සැකකාරිණියක් සහ ගිනි අවියක් අත්අඩංගුවට

කොස්ගම, බොරළුගොඩ පාසල ඉදිරි පිට වෙඩි තැබීමේ සිද්ධීයට අදාල සැකකරුවන් සහ ගිනි අවියක් අත්අඩංගුවට ගත් බව කොට්ටාශ අපරාද විමර්ශන කාර්යංශය (හෝමාගම) කියයි.

එහිදීි සිද්ධියට සම්බන්ධ තිදෛනකු අත්අඩංගුවට ගත් අතර එහිදී වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා, වෙඩික්කරු සමඟ පැමිණි යතුරුපැදිකරු සහ වෙඩි තැබීමේ සිද්ධියට අනුබල දුන් සැකපිට කාන්තාවක්ද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුනේ ලබුගම තුන්මෝදර ප්‍රදේශයේදීය.

සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවියක්ද සොයා ගෙන ඇත. එම ගිනි අවිය මෙම වෙඩි තැබීම සඳහා යොදා ගත්තේද යන්න විමර්ශන සිදු කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

දැනට ඩුබායි රාජ්‍යෙය් සැගව සිටින සංවිධානත්මක අපරාද කල්ලි සාමාජිකයකු වන අශාන් නැමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම පුද්ගලයා ඝාතනය කිරීමට තැත් කර ඇත. මෙම වෙඩි තැබීමට ලක්වූ පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර අශාන් නැමැති පුද්ගලයාගේ බිරිදත් සමඟ අනියම් සම්බන්ධයක් තිබීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

මෙම සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාශ අපරාද විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගොවින්ද, පොලිස් පරීක්ෂක චතුරංග, උප පොලිස් පරීක්ෂක පසන් දයානන්ද, සැරයන් වීරසිංහ, පොලිස් කොස්තාපල් (101566) ගම්ලත්, පොලිස් කොස්තාපල් (28008) මෛත්‍රීපාල සහ හංවැල්ල පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද සහයෝගය ලබා දුන්හ.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *