කුලියාපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මැර හැසිරීම පිළිබඳ අලුත්ම හෙළිදරව්ව

මේ දිනවල රටේ ම අවධානය යොමු වූ පුවතක් වන්නේ කුලියාපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ ස්ථානමාරුවයි. එම නිලධාරියාට මෙම ස්ථානමාරුව ලැබෙන්නේ පුබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසක් වැටලීම මුල් කරගනිමිනි.

මෙම සිදුවීමේදී එම නිළධාරියාට විරුද්ධව අභුත චෝදනා නගන්නේ සැකකරුට පහරදීම හුවා දක්වමිනි. මෙම පුවත සමාජමාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ ලැව් ගින්නක් මෙනි. එහි අන්තර්ගතතය වී ඇත්තේ පොලිස් නිළධාරියා විවේචනය කිරීම පමණක් වන අතර සිදුවීමෙහි ඇති සත්‍ය අසත්‍යතාව පිළිබද කිසිවෙකු තැකීමක් කර නැත.

නමුත් ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයා වන රූහිරු අපි; මෙම සිදුවීම සම්බන්ධයෙන් සහභාගීත්ව නිරීක්ෂණයෙන් සොයා බැලුවෙමු.

ප්‍රදේශවාසීන් රූ හිරු අපට පැවසුවේ විවේචනයට ලක් වූ මෙම පොලිස් නිලධාරියා යුක්ති සහගතව තම රාජකාරිය ඉටු කළ බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම සැකකරු ප්‍රදේශවාසීන්ට තාඩන පීඩන කරමින් මෙන්ම හිංසාකාරී අයුරින් හැසිරෙන බවයි. එමෙන්ම අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරත වන බවටද අපට තොරතුරු අනාවරණය විය.

සැකකරුගේ නිවසේ සවිකර ඇති සීසීටීවී කැමරා පද්ධතිය පාලනය කරනුයේද දැනට ඩුබායිහී සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන පුද්ගලයකු බවට ද අනාවරණයවී තිබේ.

පොලිස් නිලධාරියෙකු විසින් ක්‍රියාත්මක කළ හැකි අවම බලය යටතේ නීතිය ක්‍රියාත්මක කළ ද අවසානයේ අගතියට පත්වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියාමය. පොලිස් නිලධාරින්ගේ මෙම අවම බලය මෙලෙස පාලනයකට ලක් කිරීම තුළින් අනෙකුත් පොලිස් නිලධාරීන් තම රාජකාරී ඉටු කිරීමට පසුබට නොවන්නේද?

මෙහි විශේෂ අවධානය යොමු විය යුත්තේපොලිස්පතිතුමාටය. ඔබතුමාගේ නිසි අවධානය යොමු කර මේ පිළිබඳව සාධාරණයක් ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

අසාධාරණයට පත් කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති I.P විජේසිංහ මහතා ඇතුළු සමස්ත පොලිස් නිලධාරීන්ගේ යුක්තිය ඉටුවන තෙක් රූහිරු අපි අවධානයෙන් පසුවන්නෙමු.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *