නව 6 ශ්‍රේණියේ පාසල් පෙළපොතට Buddy.net නැමැති වෙබ් අඩවිය ඇතුළත් කිරීමට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රමුඛ අධ්‍යාපන බලධාරීන් ගෙන ඇති තීරණය දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
ඔවුන් කියා සිටින්නේ මෙරට සංස්කෘතික පදනම විනාශ කරමින්, විදේශීය රටවල පවතින විකෘති ලිංගික සංකල්ප සහ ආකල්ප මෙරට පාසල් දරුවන්ගේ මනසට බලහත්කාරයෙන් එන්නත් කිරීමට දරන මෙම උත්සාහය කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.
ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති 6 ශ්‍රේණියේ නොදරුවන්ගේ සිත් තුළට විකෘති කාමාශාවන් රිංගවීම මගින් ඔවුන්ගේ ස්වාභාවික වර්ධනය අඩාල වී ළමා මනස විකෘති වන බවද ඔවුන් පෙන්වා දෙයි.
ලාංකේය අනන්‍යතාවය සහ පවුල් සංස්ථාවේ පදනම බිඳ දමමින්, අනාගත පරම්පරාව සමරිසියන් හෝ විකෘති ලිංගික ආශාවන් සහිත පිරිසක් බවට පත් කිරීමට මෙවැනි විදේශීය න්‍යාය පත්‍ර මගින් උත්සාහ දරන බව එම නිවේදනයේ සඳහන්ය.
අධ්‍යාපනය යන නාමයෙන් දරුවන්ගේ අහිංසකත්වය කෙලෙසීමටත්, ඔවුන් නොමග යැවීමටත් රජය මැදිහත් වීම බරපතල සමාජයීය අපරාධයක් බවත් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන මුවාවෙන් මෙරට සදාචාරය බිලි දීමට උත්සාහ නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරියට සහ වගකිවයුතු නිලධාරීන්ට ඔවුන් අවධාරණය කර සිටියි.





