කටුනායක ගුවන්තොටුපළේ දී පසුගිය (24දා) අත්අඩංගුවට ගත් ‘කෙසෙල්වත්තේ දිනූෂ’ නමැති අපරාධ කල්ලි නායකයා අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අපරාධකරුවකු බව පොලිස් මූලස්ථානය පවසන අතර ඔහුත් සමඟ ඩුබායි රාජ්‍යයේ සිට ඔහුගේ සැත්කම කිරීම සඳහා ඉන්දියාවට පැමිණි මොහොතේ නැවත මොවුන් ඩුබායි බලා පිටත්වන අතරතුරදී චෙන්නායි ගුවන්තොටුපලදී ඉන්දිය ආරක්ෂක අංශ භාරයට පත්විය.
රතු වරෙන්තු හේතුවෙන් දිනුෂ නැමැත්ති පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආවේය.
දිනුෂගේ ගෝලයකු බව සැකකෙරෙන බලංගොඩ කළුපහන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කරන්ගොඩආරච්චිගේ චාමික සත්සරකුමාර නැමැති පුද්ගලයාද ඉන්දිය අධිකරණය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යම් දඩ මුදලකට යටත් කර ලංකාවට පිටුවහල් කරන ලදි. එහිදී ඔහුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගනු ලැබීය. ඉන්පසු කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ඉදිරි විමර්ශන කටයුතු සඳහා දිනුෂ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ අපරාධ සම්බන්ධයෙන් ආධාර අනුබල දීම යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.





