වතු සේවක දෛනික වැටුප වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබේ

වතු සේවකයන්ගේ දෛනික වැටුප රු. 1,750ක් දක්වා වැඩිකිරීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අද (30) පෙරවරුවේ දී වැවිලි සහ ප‍්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී අත්සන් කළේය.

අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පඩිපාලක සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

2026 අයවැය යෝජනාව අනුව දැනට රුපියල් 1,350ක් ලෙස ගෙවෙන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් ඉහළ නැංවීමට තීරණය කරන ලදී.

මෙම වැඩිවීමෙන් රුපියල් 200ක් වැවිලි සමාගම් මඟින් සහ ඉතිරි රුපියල් 200 රජය මඟින් ලබා දෙන බවට එකඟතාවක් ඇති අතර, ඒ අනුව දෛනික වැටුප රු.1,750 දක්වා ඉහළ යනු ඇත.

වැටුප් වැඩිවීම 2026 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන අතර, ජනවාරි මාසයේ සේවක පැමිණීම් වාර්තා පෙබරවාරි 3 වන දිනට ලැබුණු පසු, රජය මඟින් ප්‍රාදේශීය සමාගම් වෙත දායක මුදල් මුදා හැරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

එමෙන්ම වැවිලි සමාගම් සේවක බැංකු ගිණුම් තොරතුරු ලබා දී ඇති අතර, ඒ අනුව රු. 200ක දීමනාව බැංකුගත කිරීමේ කටයුතු ද සූදානම් කර තිබේ.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *