ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී දැනට ක්‍රියාත්මකව ඇති “පොලිස්පතිට කියන්න” වැඩසටහන මඟින් මහජනතාව වෙත සෘජුවම යම් සිදුවීමක් සම්බන්ධව හෝ පැමිණිල්ලක් පොලිස්පතිතුමන් වෙත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව යාවත්කාලීන කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
මෙම වැඩසටහන මේ වර්ෂයේ ප්‍රතිව්‍යුහගතකරමින් ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම සේවාවේදී, දේශීය මෙන්ම විදේශීය ඕනෑම පුද්ගලයෙකුට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇති අතර එය මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේද සිදු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇති බව ද පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.
මෙම පැමිණිලි සේවාව මඟින් මහජනතාවට, දේශීයව හෝ විදේශීයව සිට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන තැනැත්තන් පිළිබඳව තොරතුරු මෙන්ම අපරාධ, විවිධ පැමිණිලි, රථවාහන වැරදි, මහජන පීඩා හා දූෂණ පිළිබඳ තොරතුරු සම්බන්ධව පොලිස්පතිතුමන් වෙත සෘජුවම දැනුවත් කිරීමේ හැකියාව ලැබේ.
මෙහිදී ලැබෙන පැමිණිලිවලට ගතයුතු ක්‍රියාමාර්ග හා ඊට අදාල විර්මශන, කොට්ඨාස භාර නිලධාරීන් මගින් නියමිත පොලිස් ස්ථානය වෙත දැනුම්දී කඩිනමින් ඒ සඳහා විමර්ශන නිලධාරීන් යොමු කිරීමට කටයුතු කරනු ලබන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ලට යුක්ති සහගත සාධාරණයක් ඉටු නොවන්නේ නම් නැවත ඉහත ක්‍රම වේදය ඔස්සේම පොලිස්පතිතුමා වෙත දැනුවත් කිරීමේ හැකියාවද මෙම ක්‍රමවේදය මගින් සලසා දී ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දන්වයි.
www.police.lk පොලිස් වෙබ් අඩවියට පිවිස එහි ස්ථාපිත ඊ සේවාව (E Service) වෙත පිවිස” පොලිස්පතිට කියන්න” (Tell Inspector General Of Police) (https://telligp.police.lk) වෙබ් අඩවිය ඔස්සේ සහ (telligp@police.gov.lk) යන විද්‍යුත් කැපැල් ලිපිනය ඔස්සේ පැමිණිලි හෝ තොරතුරු මෙම සේවාව වෙත යොමු කර මහජනතාවට මෙම සේවාව ලබා ගැනීමේ හැකියාව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
2026.03.03





