මිය ගිය මිදිගම ලසාගේ නිවස අසල අබිරහස් මරණයක්

වෙඩි තබා ඝාතනය කෙරුණු වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ නිවස අසල ළිඳක තිබූ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.‍

ලද තොරතුරක් මත අඩි 35ක පමණ ගැඹුරු ළිඳකට වැටී මිය ගිය අයගේ දේහය මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ ඉදිරියේ ඊයේ (20) ගොඩගෙන ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ, කොළඹ – ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සංඛ නමැති අයෙක් බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ මිත්‍රයෙක් බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව මිදිගම පොලිසිය ප්‍රකාශ කළේය.

මරණකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙක් බවත් ඔහු පොලිසියට අවශ්‍ය කරන අයෙකුදැයි සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මාතර මහරෝහලට යොමු කරන ලෙසට මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත.

මෙය ඝාතනයක්ද නැත්නම් වෙනත් සිදුවීමක්දැයි සොයා මිදිගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *