රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 48ක වැඩවර්ජනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) උදෑසන 8 සිට පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ පැවසුවේ, ඒ හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය කර ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකුට නව පත්වීම් සේවා ස්ථාන ප්‍රකාශයට පත් කර තිබුණි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *