ශිරාන් බාසික්ගේ පියා CCIB අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් නැමැති පුද්ගලයා නීති විරෝධි ලෙස උපයා ගත් මුදල් වලින් කෝටි 03ක මුදලකට ගම්පහ ප්‍රයිම් රෙසිඩන්ඩ් හි සුඛෝපභෝගි නිවසක් ඔහු නමින් මිලදී ගෙන ඇති අතර ඒම සිද්ධියට අදාලව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට අදාලව සෘජු අධීක්ෂණය හා විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා සහ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු මෙම නිලධාරින්ගේ මැදිහත්වීම මත ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *