අකුරේගොඩ ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අකුරේගොඩ සුපිරි වෙළඳසැලැක් ඉදිරිපිටදී පසුගියදා නීතිඥ මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දින දක්වා පොලිස් රැදවූ බාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (17) දින නියෝග කළේය.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රශ්න කිරීම සඳහා සැකකරුවන්ට රැඳවුම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.

මෙහිදී අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකූල රත්න සහ නීතිඥ සංගමයේ සභාපති රජීව් විජේසිංහ මහත්වරු ඇතුළු නීතීඥයන් විශාල ප්‍රමාණයක්  පෙනී සිටිහ.

විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු ඉදිරිපත් නොවීය.

මෙම සැකකරුවන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ඇතුළතත් පිටතත් දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *