ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
එහිදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් මි.මී. 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඔවුන් අළු පැහැති මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
මෙලෙස වෙඩි වැදී ඇත්තේ ‘ඩිලයිට්’ නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකුට බව සඳහන්.
මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට සැක පලකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.





