ගොඩගම DCBD ස්ථානාධිපති අමිල ගොවින්නගේ මෙහෙයවීමෙන් වෙඩික්කරු අල්ලු මෙහෙයුම

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවෙකු ඊයේ (21) දින ගොඩගම කොට්ඨාශ අපරාද විමර්ශන කාර්යාංශය ස්ථානාධිපති ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සත්ව ගොවිපලක් ආශ්‍රීත කුරුදු ඉඩමක සැඟව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මොහු කුරුදු ඉඩමේ සැගව සිට රාත්‍රී කාලයේදී නින්දට පමණක් ගොවිපලට පැමිණ ඇත.

කුරුදු කැලෑවේ රැක සිට සුක්ෂම ලෙස සැකකරු අත්අඩංගුවට ගත් බව ගොඩගම කොට්ඨාශ අපරාද විමර්ශන කාර්යාංශය කියයි.

මෙම වෙඩික්කරු ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියෙන් පළමුවෙන් නීතිඥවරයාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුයි.

වෙඩික්කරු මෙම ඝාතනය සිදු කර එම කාර් රථයෙන්ම ගොස් කොට්ටාව ප්‍රදේශයෙන් බැස ඇත. පසුව බස් රථයකින් මහරගම ප්‍රදේශයට ගොස් මහරගම සිට අම්බලන්ගොඩ දක්වා නැවත බස් රථයකින් ගිය බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

බද්දේගම ප්‍රදේශයේ පදිංචි කරුවකු වන මෙම සැකකරු යුද හමුදාවේද සේවය කර තිබේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හමුදාවෙන් පළා ආ අයෙකු බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම සිදුවීම සමාජයේ කතා බහක් ඇති විය. අපරාධකරු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව චෝදනා එල්ල කරමින් තිබුණි. අපරාධ කොට්ඨාශය බස්නාහිර පළාත දකුණු දිසාව භාර නිලධාරින්ද මේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරින්ට අප විශේෂ ස්තූතිය පුද කර සිටිමු.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *