අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා නොහොත් පොඩි ලසි යනු අරුමාහන්දි වසන්ත සිල්වා හා අප්පුවාහන්දි දිල්හානි යන අයගේ බාල පුතු වන අතර පොඩි ලසිත් යන නම කෙටි කර පොඩි ලසි නමින් හදුන්වනු ලබන බවත් පොඩි ලසිගේ පියා වසන්ත නොහොත් තෙල්වත්තේ_වසන්ත නොහොත් පැත්තාය නමින් හදුන්වනු ලබන බවටත් මෙම පැත්තා යන අය හික්කඩුව අම්බලන්ගොඩ ප්‍රදේශ හොල්ලන් සිටි පාතාල චරිතයක් බවටත් වැඩිදුරටත් අනාවරණය විය
එවකට වසන්ත සමග ලද්දු රවි, එඩ්වඩ් ජයසිංහ නොහොත් අතකොට රවී මුදිත පරාක්‍රම (රවීගේ මල්ලි) යන අය පවුලේම අයවලුන් පළාතම හොල්ලන් සිටි චරිත බවත් පොඩි ලසිගේ පියා ඇතුලු මොවුන් විසින් ගාලු පාරෙහි ගමන්ග ගන්නා දුර ගමන් සේවා බස්රථ මංකොල්ල කෑම වැනි විවිධ අපරාධ සිදු කර ඇති බවටත් අනාවරණය විය
පසුව තෙල්වත්තේ වසන්ත තවත් පාර්ශවයක් සමග මුහුණට මුහුන වෙඩි තියාගනිමින් වෙඩි පහරකින් තුවාල ලබා ඇති බවත් මෙය පැරැළිය ප්‍රදේශයේ කුල ප්‍රශ්නයක් පාදක කරගෙන වු සිද්ධියක් බව ප්‍රදේශවාසින් පවසන අතර පැත්තා බඩේ පැත්තට වෙඩි වැදී මරණය පෙනි පෙනී නැවත පණ ආ අයකු බවටද හදුන්වනු ලබයි
තෙල්වත්තේ වසන්තගේ චණ්ඩිකම් මැරකම් සියැසින් දකිමින් පොඩි ලසි එම පරිසරය තළ හැදී වැඩී තම පියා තරම් වීරයෙකු ජීවිතයේ නොවූ බවටද තොරතුරු වාර්තා විය
කාලය ගත වෙද්දී පළමුවම අත්කොට රවි ඝාතනය වන අතර රවී ගේ ඝාතනය වසන්තට දරා ගන්න බැරි තරම් වේදනාවක් වූ නිසා කෙසේ හෝ මෙහි පලීය ගැනීමට ඝාතකයින් කවුරුන්ද යන්න සොයා ගොස් වැඩි කලක් යෑමට පෙර ඝාතකයින් කවුද යන්න අනාවරනය කරගෙන ලෙයට ලෙය ලෙස මෙහි පලිය ගැනීමට සියල්ල සකස් කර තිබියදී අත කොට රවි ඝාතනය කෙරු පුද්ගලයින් වුයේ තම කල්ලීයේම සාමාජිකයින් බවට අනාවරණය විය
පොඩි ලැසීගේ තාත්තා තෙල්වත්තේ වසන්ත නොහොත් (පැත්තා) ඝාතනය සිදු කරනු ලැබුවේ මනෝජ් මැන්ඩිස් ගාව ඉඳපු රත්ගම විදුරගේ ගෝලයෝ වන තෙල්වත්තේ දසන්ත මැන්ඩිස්,ප්‍රියන්ත ජනත් නිශාන්ත නොහොත් තනි ඇටයා සංකු ඇතුලු කණ්ඩයම එකතුවී බවට අනාවරණය වීමත් සමග පොඩි ලැසීගේ එකම බලාපොරොත්තුව තාත්තව මරන්න උදව් කරපු සියලු දෙනාව මරලා ලැසී ඊට පස්සේ මැරුනත් කමක් නැහැ යන්න බවට වාර්තා විය
පසු කාලීනව පොඩි ලසී පියා මෙන් එම ප්‍රදේශයේ චණ්ඩියකු බවට පත්ව ඇති අතර තම පියා මැරු අයගෙන් පළිගැනීම සදහා අවස්ථාව එනතෙක් පොඩිලැසි ඇගිලි ගනිමින් සිටියදී පියා ඝාතනය කරනු ලැබූ එවකට පතාල කල්ලි සාමාජිකයකු වු මනෝජ් මෙන්ඩිස් නැමැත්තා බවට පොඩිලැසි සැක කළත් ඒ කාලයේ මනෝජ් මෙන්ඩිස්ට කිට්ටු වීමට තරම් පොඩිලැසිට ශක්තියක් නොතිබීම හේතුවෙන් දැඩි වෛරයකින් පසුවූ පොඩි ලසී ලෙයට ලෙයින් පළිගැනීමේ අවස්ථාව ඇගිලි ගනිමින් සිට 2015 වර්ෂයේ දි මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරිමත් සමඟ පාතාලයේ නායකයකු බවට පත්ව ඇති බවට අනාවරණය විය
මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මොහු විසින් පහත සදහන් අපරාධ සිදු කර ඇති බවට අනාවරණය විය
අලුත්වල ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක අයිතිකරැ එරික් වෙඩි තබා ඝාතණය කිරීම, මනෝජ් මෙන්ඩිස් වෙඩි තබා ඝාතණය කිරිම, අම්බලන්ගොඩ ඉඩන්තොට තිරිමාදුර ඉන්දික ද සොයිසා (33) අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඔවුන්ගේ දරුවා රන්දික ද සොයිසා (04) වෙඩි තබා ඝාතණය කිරිම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින කාලයේදී බන්ධනාගාරය තුල සිට මත්ද්‍රව්‍ය ජාවාරම් හා මනුෂ්‍ය ඝාතන මෙහෙයවීම
මෙපමණ අපරාධ සංඛ්‍යාවක් සිදු කල පාරම්පරික අපරාධකරුවකු මහත් වෙහෙසක් දරා නීතිඥවරුන් (මුදලට ගිජු) නොයෙකුත් නාට්‍ය රගපා නිදහස් කර ගැනීමෙන් පසුව මෙරටින් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පැනගොස් සිටියදී පසු කාලීනව ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසුව මොහුව රැගෙන ඒමට කණ්ඩායමක් පිටව ඇති බවටද අනාවරණය විය.





