කොහුවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළදී චීනා පෙම්වතියට පිහියෙන් ඇණ මරලා

කොහුවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළදී චීන ජාතික තරුණයකු සිය පෙම්වතිය බව කියන තරුණියකට  පිහියකින් ඇන මරා දමා  ඇතැයි කොහුවල පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 26 ක් පමණ වන චීන ජාතික තරුණියකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකාර චීන ජාතික පෙම්වතා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය වන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තවත් චීන ජාතික පුද්ගලයකුගේ අතකට සුළු තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත.

කොහුවල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබන අතර සැකකාර චීන ජාතිකයා මෙතෙක් අත්අඩංගවට ගෙන නොමැත.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *