කිරි පිටි – තිරිඟු පිටි මිල වැඩි නොවෙයි

මෙරට ආනයනික කිරිපිටි මිල සහ තිරිඟු පිටි මිල කිසිසේත් ඉහළ නොදමන බවට කිරිපිටි ආනයනකරුවන් හා තිරිඟු පිටි සමාගම් සහතික වූ බව වෙළෙඳ අලෙවි හා පාරිභෝගික සේවා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

පවතින යුදමය තත්ත්වය හේතුවෙන් සැපයුම් හා බෙදාහැරීමේ ජාලයන්ට එල්ල වී ඇති බලපෑම් හා අඛණ්ඩ සැපයුමක් පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සහ තිරිඟු පිටි ආනයන සමාගම් (ප්‍රීමා සහ සෙරන්ඩිබ්) අද (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට කැඳවූ අවස්ථාවේ ඔවුන් එම පොරොන්දුව ලබා දුන් බව අමාත්‍යවරයා පවසයි.

ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය තම නිෂ්පාදන පිරිවැයට යම් බලපෑමක් එල්ල කළ ද මෙම අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් රජය සමඟ එක්ව ජනතාවට යම් සහනයක් ලබාදීම අපේක්ෂාව බව එම සමාගම් පැවැසීයැයි අමාත්‍යවරයා කීය.

තවත් මාස තුනක කාලයකට ප්‍රමාණවත් ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි තොග සැපයීම පිළිබඳ සහතික විය හැකි බවත්, එළඹෙන අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් කිසිදු ආකාරයක මිල වැඩි කිරීමක් සිදු නොකරන බවත් ආනයනික කිරිපිටි සමාගම් සහ තිරිඟු පිටි සමාගම් තහවුරුවක් ලබා දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *