කොළඹ බෝම්බ පුපුරවන්න සැළසුම් කළ අයෙක් අත්අඩංගුවට

සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රන් නොහොත් කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීම මත කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීමට සැලසුම් කළ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව සැකපිට ඊයේ (20) දින සැකකරුවකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ජා-ඇළ, කලා වීදිය ප්‍රදේශයේදී ඊයේ (20) සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

මෙරට ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වන පරිදි කොළඹ ප්‍රදේශයේ ජනාකීර්ණ ස්ථාන ඉලක්ක කර බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට මොහු සැලසුම් කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලීසිය සැකපල කරන්නේ, දැනට විදෙස්ගතව සිටින බව කියන කංජිපානි ඉම්රාන් විසින් අදාළ සැකකරුට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවට ය.

​අත්අඩංගුවට ගත් සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන්.

මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින සෙසු පුද්ගලයන් සහ පුපුරණ ද්‍රව්‍ය සපයා ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව ද ත්‍රස්ත මර්දන කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *