කළුතර වෙඩික්කරුවන් ආ මෝටර් රථය තෙබුවන දමා ගිහින්

පොලිසියට ඔත්තු දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන්   පැමිණි බව කියන මෝටර් රථය තෙබුවන  තැපැල් කාර්යාලය ආසන්නයේ විකල්ප මාර්ගයේ දමා ගොස් තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.

ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර  මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ කල්ලියක් අද පෙරවරුවේ ටි 56 ගිනි අවියකින් සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මිය ගියේය

මිය ගොස් ඇත්තේ කළුතරදකුණ මරික්කාර් වීදිය පදිංචිව සිටි පකිර් මොහොමඩ් මොහොමඩ් සපික් 43 නැමැත්තෙකි.

කළුතර දකුණ වෙට්ටුමකඩේ ප්‍රදේශයේ හරහා යමින් සිටියදී එම මාර්ගයේ නවතා තිබූ අළු පැහැයට හුරු මෝටර් රථයක් එකවරම ඉදිරියට පැමිණ මඟ හරස්කර මෝටර් රථය තුළ සිටි පුද්ගලයකු ඒ තුළ සිටම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසියේ සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *