මව සහ පියාව ඝාතනය කරයි 26 – පුත්‍රයා අත්අඩංගුවට

ඇඹිලිපිටිය කිරලවැල්කඩුව ප්‍රදේශයේ දී පුතෙකු විසින් සිය මව හා පියා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 58ක් වන පියෙකු සහ 54 හැවිරිදි මවක බවද සඳහන්.

ඝාතනය සම්බන්ධයෙන් එම යුවළගේ 26 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇඹිලිපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *