මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු මරුට

‍මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (13) සහ අද (14)අලුයම අදාළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බව සඳහන්ය.

ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ජුලි මස 5 සහ 6 යන දෙදින තුළ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර රැඳවියන් 21 දෙනෙකු ද මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව සිිදුවු සමස්ත මරණ ගණන 31ක් දක්වා ඉහළ ගොස් ඇත.

අදාළ ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.

මොහොමඩ් සිද්ධික්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියෙකු

අයිස් 9kg ක් සහ අවිආයුධ සමඟ STF දැලට..

විශේෂ කාර්ය බලකායේ (STF) ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් දොම්පේ, ජම්බුගහහන්දිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය 9kg කට අධික තොගයක් සමඟ 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී ‘ජෝන් බට්ටෝ’ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය 3ක්, ෆියුස් (Fuse) 4ක්, කඩු 5ක් සහ M-16 ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ 20ක් ද සොයාගෙන ඇත.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්ධික්ගේ මත්ද්‍රව්‍ය ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති බවයි.සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *