දරුවන් දෙදෙනෙකුට මරු කැඳවූ දෙහිවල බෝම්බ ප්‍රහාරය කර ඇත්තේ කොස්මල්ලි බවට තොරතුරු හෙලිවේ

දෙහිවල කවුඩාන සිරිසඟබෝ පාරේ නිවසක් ඉලක්ක කර ගෙන අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිමෙන් එම නිවසේ නිදා සිටි දරුවන් දෙදෙනෙකු මිය ගිය අතර පියා බරපතර තුවාල ලැබීය.

සංවේදී ජනක පුවත් බවට අද දවසේ ලෝකයේ හුග දෙනෙක් කතා බහට ලක්වුණා.

කලක සිට මත්ද්‍රව්‍ය ආරවුලක් හේතුවෙන් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම සඳහා දෙහිවල සැන්ඩෝ සහ කොස්මල්ලි යන දෙදෙනා අතර විවිද අවස්ථාවන් වලදී වෙඩි තබා ගැනීම් අත්බෝම්බ ප්‍රහාර එල්ල කිරීම් වැනි ප්‍රචන්ඩකාරී සිදුවීම් වාර්තා විය.

අද අලුයම දෙහිවල සැන්ඩෝගේ මත්ද්‍රව්‍ය ජාලායේ ගෝලයකු ඉලක්ක කර ගෙන අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා අපරාධකරුවන් එම ස්ථානයට ලගාවීමත් සමඟ කෙසේ හෝ අපරාධකරුවන්ට සැන්ඩොගේ ගෝලයා සිටින නිවස හදුනා ගැනීමට නොහැකි වී තිබෙන අතර සන්නිවේදන ක්‍රමයේ යම් බාධාවක් තිබුණු බවටත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් අපරාධකරුවන් සැන්ඩොගේ ගෝලයා සිටින නිවස බවට හදුනාගෙන ඊට යාබදව තිබෙන නිවසේ දොරට තට්ටු කර එම නිවසේ හිමිකරු දොර අරිනවාත් සමඟම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එම ස්ථානයෙන් අපරාධකරු ත්‍රිවිල් රථයකින් පලාගොස් ඇත.

අත්බෝම්බය පිපිරීමෙන් පසු මෙම නිවසේ හිමිකරුවන දරුවන් දෙදෙනාගේ පියා බරපතල තුවාල ලබා දරුවන් දෙදෙනා සමඟ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ඉන්පසු පාසල් යන මෙම දරුවන් දෙදෙනා මිය ගිය බවට සහ පියා බරපතල තුවාල ලැබූ බවට වාර්තා විය.

සිද්ධියට අදාල මූලික විමර්ශන කටයුතු ශ්‍රී ලංකා පොලිසියේ අංශ කිහිපයක් ඔස්සේ ආරම්භ කෙරුණු අතර සැන්ඩෝගේ පාර්ශවයට විරුද්ධව කොස්මල්ලි පාර්ශවයෙන් සිදු කර ඇතැයි මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *