අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනා නොවැම්බර් හයවැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
ඒ, මන්ත්රීවරයා සහ ඔහුගේ පුද්ගලික ලේකම් එක් නඩුවකට අදාළව ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරමිනි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.





