නොරොච්චෝල විදුලි බලාගාරය හෙට සිට ජාතික පද්ධතියට එක් කිරීමට සැළසුම් – NSO

නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට (22) සිට නැවත ආරම්භ කිරීමට හැකියාවක් පවතින බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO)පවසයි.

පසුගිය සෙනසුරාදා ප්‍රධාන පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වුණු අතර එහි බලපෑමෙන් නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක්ද අක්‍රීය වී තිබුණි.

එහිදී නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 1 වන ජනන යන්ත්‍රයේ මෙගාවොට් 187ක පැවති ධාරිතාව ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5ක් දක්වා අඩු අගයකට පහළ ගිය බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ පැවසීය.

ඒ හේතුවෙන් මේ වනවිට නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම අක්‍රීයව පවතීන අතර ඉන් ජාතික පද්ධතියට අහිමි වී ඇති විදුලි ධාරිතාවය මෙගාවොට් 250කි.

මෙම ජනන යන්ත්‍ර 3න් 2ක් නඩත්තු කටයුතු හේතුවෙන් අක්‍රීය කර තිබුණි.

එලෙසම නොරොච්චෝල විදුලි බලාගාරයේ කටයුතු නතරවීම හේතුවෙන් ඊයේ සහ පෙරේදා යන දෙදින තුළ දිවයින පුරා බලපැවැත්වෙන පරිදි විදුලි කප්පාදුවක්ද සිදුවිය.

ඒ අනුව අදාළ විදුලි කප්පාදුව අද (21) දිනයේදීත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙයි.

කෙසේ නමුත් හෙට (22) දිනයේ සිට නොරොච්චෝල විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට හැකියාවක් පවතින හෙයින් විදුලි කප්පාදුවකට අවශ්‍යතාවක් නොමැති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *