පොලිසියේ නම කැත කරන සමාජ මාධ්‍ය සටහන් ගැන විමර්ශන

ශ්‍රී ලංකා පොලිසියේ සහ පොලිස්පතිවරයාගේ කීර්තිනාමයට හානිකරමින් හා මහජනතාව තුළ පොලිසිය කෙරෙහි වෛරයක් සහ අප්‍රසාදය ඇතිවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිඛිත සටහන් පිළිබඳ විමර්ශන කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ඊයේ (11 වැනිදා) නියෝග කළේය.

පොලිස් මූලස්ථානයේ (පරිගණක අපරාධ විමර්ශන අංශය) පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර විසින් කරන ලද පැමිණිල්ලක් පිළිබඳ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නියම කළේය.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *