අමෙරිකාවේ වෙඩි තැබීමකින් 6ක් මරුට

අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයට මායිම්ව, මිසිසිපි ගඟ අසල පිහිටි අයෝවා ප්‍රාන්තයේ Muscatine වරාය නගරයේ ස්ථාන කිහිපයක සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් මෙලෙස පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලීසිය සනාථ කර තිබේ.

ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු ද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන  ඇති බව සඳහන් වේ.

මෙම ප්‍රචණ්ඩකාරී වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී මෙය පවුල් ආරවුලක් මත හටගත් එකක් බවට අනාවරණය වී ඇති බව බව එරට පොලීසිය වැඩිදුරටත් පවසා ඇති බව වාර්තා වේ.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *