බොරතෙල් මිල ඉහළට

අමෙරිකාව සහ ඉරානය අතර නැවත යුද ගැටුම් ආරම්භයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවත ඉහළ ගොස් තිබේ.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85.54ක් ලෙස 2.57%කින් ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.60ක් ලෙස 2.84%කින් මේ වන විට ඉහළ ගොස් ඇත.

මීට අමතරව මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 95.75ක් ලෙස ඉහළ ගොස් ඇති අතර එහි වැඩි වූ ප්‍රතිශතය 4.04%කි.

පසුගිය ජූලි මාසයෙන් පසුව පළමු වරට අමෙරිකාව විසින් ඉරානයේ ලාරක් දූපතට ප්‍රහාරයක් එල්ල කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරු දෙකක් වෙත බැලැස්ටික් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

මෙලෙස ආරම්භ වී ඇති මැදපෙරදිග නවතම යුද ගැටුම් හමුවේ මෙලෙස බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *