හෙරොයින් අයිස් සහ කුෂ් මත් ද්‍රව්‍ය කිලෝ තුනකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු මාලඹේ උඩවත්ත පාර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය පවසයි
ස්ථානාධිපතිවරයාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් මත අත් අඩංගුවට ගත් සැකකරු පරීක්ෂා කිරීමේදී සැකකරු සතුව තිබී ග්‍රෑම් 50ආසන්න හෙරොයින් ප්‍රාමානයක් සොයාගෙන ඇත. පසුව ඔහුගෙන් කල ප්‍රශ්න කිරීමේදී ඔහු හෙරොයින් ලබාගත් පුද්ගලයා අනාවරනය කරගෙන එම සැකකාරු කහන්තොට ප්‍රදේශයේදී අතඩංගුවට ගෙන ඇත.
ඒ අනුව සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්දුව්‍ය කිලෝ 01 ග්‍රැමි 800 ක් අයිස් මත්දුව්‍ය කිලෝ 01 ග්‍රැමි 200 ක් සහ කුෂ් මත්දුව්‍ය ග්‍රැමි 500 ක් සොයා ගැනීමට හැකි වී ඇත මීට අමතරව යතුරුපැදියක්, දුරාකතන දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු කළුතර පයාගල කැකුණගහවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 33 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නිය්මිතයි.
මාලබේ පොලිස් ස්තානාධිපති පොලිස් පරීක්ශක ප්‍රදීප් විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයික…





