ආපදා මරණ සංඛ්‍යාව අද (05) උදෑසන වන විට 486 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
තවමත් පුද්ගලයින් 341 ක් අතුරුදන්ව සිටින බව එම මධ්‍යස්ථානය නිවේදනය කළේය.
පවුල් 51,023ක පුද්ගලයින් 171,778 ක් මේ වන විටත් සුරක්ෂිත මධ්‍යස්ථානයන් හි රැඳී සිටින බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.





