හදිසි ආපදා තත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ අයගෙන් 85% කට පමණ යළි සම්බන්ධතා ලබාදීමට හැකි වූ බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත පවසයි.
ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (04) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
විදුලි පාරිභෝගිකයන් ලෙස ලක්ෂ 70 කට ආසන්න පිරිසක් රට පුරා සිටින බවද, ඒ අතරින් ලක්ෂ 39 ක පමණ විදුලි සම්බන්ධතා බිඳ වැටුණ බවද ඔහු පවසා සිටි අතර, ඔවුන්ගෙන් 85% කට පමණ මේ වන විට යළි විදුලි සම්බන්ධතා ලබා දීමට හැකිවී ඇති බව සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දුන්නේය.
ඇති වු හදිසි ආපදා තත්ත්වය තුළ ට්‍රාන්ස්ෆෝමර් 16,771 ක් අක්‍රිය වූ අතර, එයින් 14,549 ක් යළි ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,






