T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ, ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි.

එම තරගය අහමඩාබාද් හි නරේන්ද්‍රමෝදි ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.

තරගය ආරම්භයට පෙර සමාරම්භක උත්සවයක් ද පැවැත්වීමට සංවිධායකයින් සූදානම් කර තිබේ.

ඉන්දීයාව මීට පෙර පන්දුවාර විස්ස ලෝක කුසලාන ශූරයන් බවට දෙවරක් දිනාගත් අතර, නවසීලන්තය මෙතෙක් T20 ලෝක ශූරතාවය දිනාගෙන නොමැත.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *