කටුනායක ඉතිහාසයේ ලොකුම මත්ද්‍රව්‍ය වැටලීම

තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය රැගෙන ආ වීවරධාරීන් 22ක් අත්අඩංගුවට

තායිලන්තයේ සිට රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සූක්ෂ්ම ලෙස මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙය කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයයි.

මොවුන් පසුගිය අප්‍රේල් 22 වන දින අනුග්‍රහකයෙකු විසින් ලබා දුන් ගුවන් ප්‍රවේශ පත්‍ර මත තායිලන්තය බලා ගොස් ඇති අතර, එරටදී ඔවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සාක්ෂි (ඡායාරූප සහ වීඩියෝ) ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, ඊයේ (25) රාත්‍රී 10:10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් FD-140 දරන ගුවන් යානයෙන් පැමිණි අවස්ථාවේදී මොවුන් පරීක්ෂාකර අත්අඩංගුවට ගෙන ඇත.

සෑම චීවරධාරියෙකුගේම ගමන් මල්ලක කිලෝ ග්‍රෑම් 05 බැගින් මත්ද්‍රව්‍ය ඇතුළත් වූ බව ආරංචි මාර්ග පවසයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා ඇත්තේ, ගමන් මලු තුළ ව්‍යාජ පතුල් සකස් කර, ඒ මත පාසල් උපකරණ සහ රසකැවිලි අසුරා දැඩි සූක්ෂ්ම ආකාරයෙනි.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *