හොරණේ ප්‍රමුඛ පෞද්ගලික උපකාරක පන්ති ආයතනයක හිමිකරු අයිස් සමඟ කොටු වෙයි

හොරණ නගරයේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වාගෙන යනු ලබන ආයතනයක හිමිකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරණ, නර්තනගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වියේ පසුවන තැනැත්තෙකි.

අදාළ අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 250ක ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය පවසයි.

ඊට අමතරව, ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ බවට සැකකෙරෙන ජංගම දුරකථනයක්, සිම්පතක් සහ මත්ද්‍රව්‍ය කිරා බැලීමට යොදාගන්නා ඉලෙක්ට්‍රොනික තරාදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු බවට ද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නර්තනගල පිහිටි ඔහුගේ නිවස වෙත ගිය අවස්ථාවේදී ඔහු එම ස්ථානයෙන් පලා යාමට ද උත්සාහ කර තිබේ. මීට පෙර ද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් එල්ල වී ඇති අදාළ සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිතය.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *