එස්.එෆ් රාජුගේ ගෙදරින් ගිනි අවි සහ උණ්ඩ සොයා ගනී

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අත්අඩංගුවට ගත්  සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙනිය සුද්දගේ සොහොයුරා වන සනත් ද සිල්වා නොහොත්එස්.එෆ්. රාජුගෙන් කළ පශ්න කිරීමේදී ඔහුගේ නිවස වන මීටියාගොඩ නිවසේ තිබී ගිනි අවියක් සහ පතුරම් දහතුනක් අද (25) සොයා ගත්බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශනය ඒකකය කියයි.

ඒ සමගම ඇණ ගසා ඇති ලෑලි දෙකක් සොයා ගැනීමට හැකිවූ බවද පොලිස් මධයම අපරාධ විමර්ශන ඒකකය කියයි.

එම පොලිස් ඒකකයේ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් මෙම මෙහෙයුම මීටියාගොඩ පොලිසිය සමග එක්ව සිදු කරන ලදී.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *