සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්රහාර තහනම් කළ යුතු බව ප්රංශ ජනාධිපති එමානුවල් මැක්රෝන් ප්රකාශ කර තිබේ.
ඉරානයේ සහ කටාර්හි ගෑස් නිෂ්පාදන ප්රදේශවලට එල්ල වු ප්රහාරවලින් අනතුරුව ප්රංශ ජනාධිපතිවරයා එක් සටහනක් තබමින් මේ බව ප්රකාශ කර ඇති බව වාර්තා වේ.
තමන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ කටාර් එමීර්වරයා සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ප්රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් ප්රකාශ කර තිබේ.





