මීගමුව බන්ධනාගාර ප්‍රධාන ජේලර්ගේ සාක්ෂිය සේප්පුවට

මීගමු බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම පිළිබඳව සිද්ධිය වන විට රාජකාරියේ යෙදී සිටි ප්‍රධාන ජේලර්වරයා ලබා දුන් සාක්ෂියේ දැඩි සංවේදීතාවයක් දක්වන තොරතුරු ඇති බැවින්, එය රටේ ජාතික ආරක්ෂාව බරපතල අවදානමකට ලක් විය හැකි බවත් එබැවින් එම තොරතුරු කිසිදු මාධ්‍යයක පළ නොකරන ලෙසත් මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඊයේ (30) විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා.

එසේම, එම සාක්ෂිය සුරක්ෂිතව සේප්පුවේ තැන්පත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කළා.

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් නිලධාරීන් 10ක් සහ රැඳවියන් 22ක් ඝාතනය වීම සම්බන්ධයෙන්, සිද්ධිය වන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ වික්‍රම ජයන්ත කුමාර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (30) මීගමුව සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී මෙම කරුණු හෙළි වුණා.

එම සාක්ෂිය අද (30) පස්වරු 1.00 ට පමණ ආරම්භ වූ අතර, පස්වරු 3.00ට පමණ සාක්ෂිය අවසන් වුණා.

මේ අතර, වැලිකඩ සිට මීගමුව බන්ධනාගාරයට පැමිණි බන්ධනාගාර පොලිස් නිලධාරීන් 89 දෙනා සම්බන්ධයෙන් සහ කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් සම්බන්ධයෙන්ද සවිස්තරාත්මක වාර්තාවක් බන්ධනාගාරය විසින් අද (30) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *