සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැර ගැනීමට තැත්කළ ඥාති සොහොයුරන් අත්අඩංගුවට

පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

සැකකරුවන් ඒ සඳහා යොදාගෙන තිබූ සෙල්ලම් පිස්තෝලයක් හා මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.

මත්තේගොඩ, කිරිගම් පමුණුව ප්‍රදේශයේ නිවසකට ඉකුත් (07) වෙනිදා එම සෙල්ලම් පිස්තෝලය රැගෙන කඩා වැදී තිබූ මෙම සැකකරුවන් දෙදෙනා තරුණිය පැහැර ගැනීමට තැත් කිරීමේදී නිවසේ සිටි අනෙකුත් පුද්ගලයා විසින් ඊට වීරෝධය පෑමක් සමඟම ඔවුන් මෝටර් රථයෙන් පලා ගොස් තිබිණි.

ඒ සම්බන්ධයෙන් මත්තේගොඩ ‍පොලීසියටද පැමිණිල්ලක් ලැබී තිබූ අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේදී සෙල්ලම් පිස්තෝලය සහ මෝටර් රථය සමගම අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසියිය කියයි.

දෙපාර්ශවය අතර පවතින පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධයට සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

සැකකරුවන් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share it :
Picture of Ru Hiru News Team
Ru Hiru News Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *